6 ශ්‍රෙණියේ සිසුවෙක් බ්ලොග් ලිවීමට පටන් අරගෙන. මේ මල්ලිගේ නම චිරාන්. ඔහු එදිනෙදා පාසැලේදී ඉගෙනුම ලබන දේවල් ගැන බ්ලොග් කරනව. මෙය ඉතාමත් අගය කලයුතු දෙයක්. පොතට සීමාවූ අද්යාපනය සාර්ථක අද්යාපනයක් නොවන බව කුඩා කල ගුරුතුමියක් මට පැවසුවා මතකය්. සිසු දරුවන්ගේ චින්තන ශක්තිය වර්දනය කිරීමට මෙවැනි දේවල්ද අත්යාවශ්යය්. ඔහුගේ අක්කත් බ්ලොග් එකක් ලියනවා.
මොහුගේ ඥාති සොයුරාගෙ බ්ලොග් එකත් අපූරුය්. ඔහු 4 වසර ශිෂ්යයෙක්. ඔහු "රට කරන හැටි" බ්ලොග් කරනව. පුරාන ශ්‍රේෂ්ඨ රජවරු රට පාලනය කල හැටි ඔහු අධ්යයනය කර බ්ලොග් කරනව. වර්තමානයේ ජාතික නායකයින්යැය් කියාගන්නා අයට මොහුගේ බ්ලොග් එක යම්තම්වත් රුකුලක් වෙනු ඇත. එහෙත් එයින් ප්‍රයෝජන ලැබීමට නම් ඔවුන් අඩුම තරමින් අකුරු කියවීමටවත් හැකියාවක් දැක්විය යුතුය්.
මෙම විශිෂ්ඨ පොඩිත්තන්ට මගේ ප්‍රණාමය.
Friday, December 26, 2008
Subscribe to:
Post Comments (Atom)

0 comments:
Post a Comment